ලෝකෙට ඔනේ වෙනසක් | Drill Team

download-mp3-button

[rap]westනාහිර මහ ගිනි අව්වුවේ මම සිහින මැව්වේ, තැවුනේ සෙවනැල්ලට සැපතක් සෙවුවේ, මහ රෑ අඳුරේ එලියක්ම සෙවුවේ සෙවුවේ සෙවනැල්ලට දෙන්නට ජීවේ, දරු ගැබ තිය මවක් පාර අයිනේ දෙලොවක් අතරේ සිතුවිලි සක්මනේ, වැසිකිලි වලට කලුගඟට මඩමට මවක් වෙයිද රටට, චූ කරගනියිද ඈ ලයට නෑ නෑ ඈ බයට කඳුලු පාගාගෙන ඈ ඈගේ පයට, කරුමයද කාගේ ණයද අතහරියි ඒ ජීවිතේ ඉල්ලගත් දෙයක් වගේ ණයට බයට කාටද සමාජයටද, පියෙකු නැති නිසා සුරතලා පලිද. හරිද මම වැරදිද ලෝකෙට ඔනේ වෙනස අදහස් ගැලපුවා මදිද…[/rap]

සිත් රවටන මායමේ
රවටා විශ්වය අව ආලොකෙන්
මුවපුරා සිනහා වන්නට නම්
ලෝකෙට නොව සිතටයි ඕනෙ වෙනසක්

[rap]ගිය සැරේ පාසලේ සියඹලාපේ, තෙමිච්ච ඩෙස් පුටු පොත් වල විලාපේ මගේ දිහා බලාගෙන ඉල්ලයි අයිතිය, දිරච්ච වහලට එදිරිව යන ප්‍රමිතිය මැරිලා මැරිලා ඇවිල්ලා කන්නේ බෙලෙක් පිඟානේ, පිඟාන මගෙන් අහනවා ඇයි ලෙවකන්නේ, මල්ලි මට කවදද නිදහස දෙන්නේ වෙනසක සුවඳක් කවදද විඳින්නේ පාරේ රඟන අඟන මරදානේ ආවේ මගේ ලඟට මුදල සැර නෑනේ, පාසල් යන මල්ලිද, වාරු නැති දෙගුරුන්ද, කිරිකැටි පැටියද, බත් වේලක්ද, ප්ලේන්ටියක්ද, ඒ දේවල් ඔය දෑස කිව්වුවත් මට රහසේ. ලෝකේ මිරිඟු සයුරේ ෆැන්ටසි බාලාන්සේ මම එක වසරේ වෙනස මනු කතරේ පෙනුනා දැනුනා හිතුනා මිතුරේ රිදුනා හදවත මිතුරේ[/rap]

සිත් රවටන මායමේ
රවටා විශ්වය අව ආලොකෙන්
මුවපුරා සිනහා වන්නට
ලෝකෙට නොව සිතටයි ඕනෙ වෙනසක්

[rap]ලෝකෙට ඇතා නැතා වෙනසක හැඟුමක් මම නම් හිතා මතා හෙවුවේ අලුත් දවසක් ක්‍රිස්තු වර්ෂ මාහාවංශ ඉතිහාස දර්ශන මහා වාර කලාප වෙලුම් ප්‍රකාශන මතවාද සංවාද සංකල්ප විකල්ප ගැලපෙයිද මට මේ මොනවද කුනුහරුප තෙරුම් කරන්නේ කවුද කොහොම කාටද, තේරුම් ගන්නේ කවුද මේ ඔබද මමද මිනිස්සු කාන්තේ නොමිනිස් නව යුගේ නොමිනිස්සු කාන්තේ වෙනස තවම නෑ වගේ කියන්නේ ඉසුරක් කොන්ක්‍රීට් පුරය හිස ගිනිගත්තු මිනිසුන්ම යාය, සිනහව අහිමි සිසිල සෙවන නොමැති ලෝකෙක සොයමි සතුට සෙවන නැමති දුක් හිරකරන් සිත් තදකරන් නොයින්ද ඉඳ නිදන් වෙනසම සොයන්[/rap]

– DRILL TEAM

Leave a comment