හැමතැනම මරුවැල්ය | ගීතදේව

download-mp3-button

හැමතැනම මරුවැල්ය
නුරා නෙතු ගිනිදැල්ය
ආත්මය පරඩැල්ය
පයින් යන පොරවල්ය

විඩා පිරි මුවවල්ය
හිඟාකන අතවල්ය
අතනොපා අතපාන
සිනා නැති පොරවල්ය

ඇට ගැහුනු ඇඟවල්ය
නයට කන කඩවල්ය
වේලකට හාල් පොල්
අරන් යන පොරවල්ය

මග දෙපස කොඩිවැල්ය
මුව සිනහ මනලොල්ය
ගාඩ් පිට ඇමතිවරු
ඇදෙන හැටි ආතල්ය

– ගීතදේව