මල් පොකුරු අරන් ආවත්.. | අජිත් කුමාරසිරි

download-mp3-button

මල් පොකුරු අරන් ආවත්
හඳ පානේම ඔබ ආවත්
යන්න වෙන්නෙ අර පාරෙම
තුන්වෙනි ලෝකයේ රටක් මේක …

ආවත් දුකයි.. – නාවත් දුකයි..

මගෙ හිත මැද්දෙන් නුඹ
හිත කීරි ගැහෙන ගමනක් යනවා
හීනයක් වගෙයි ඒ මඟ
හරි සුන්දරයි යනකොට …

ආවත් දුකයි.. – නාවත් දුකයි..

උඩ ඉන්න අය දෙවිවරු කිව්වා
පහල ඉන්න අය කලවම් වෙනවා
ජීවන වියදම දෙවිවරු සොයලා
අහසට නැගුනා
අසල් වැසියො සමහර මගෙ යාලුවො
පොලව යට ගියා

ආවත් දුකයි.. – නාවත් දුකයි..

මල් පොකුරු අරන් ආවත්
හඳ පානේම ඔබ ආවත්
යන්න වෙන්නෙ අර පාරෙම
තුන්වෙනි ලෝකයේ රටක් මේක …

– අජිත් කුමාරසිරි

පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා | අජිත් කුමාරසිරි

download-mp3-button

පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා
සඳ එලියට පිස්සු හැදිල බල්ලො බුරනවා
සිංහ පැටව් වාගේ බුරනවා
බල්ලො හඳට යන්න හදනවා

සිංහයගේ අතට කඩුව දුන්නෙ කවුද
ලෙල දෙනකොට පැනල ඇවිත් අපිව කයිද
පුතා අහනවා
එයාට නින්ද යන්නෙ නෑ
කොඩියෙ සිංහයට බයයි
සිංහයගෙ කඩුවටත් බයයි
බල්ලො බුරනවට බයයි

අටසිය මුල් ගනන් වල
සුද්දො කිව්ව බල්ලො මරමු
මොකද නින්ද යන්නෙ නෑ
හැම තිස්සෙම බල්ලො බුරනවා

පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා
සඳ එලියට පිස්සු හැදිල බල්ලො බුරනවා
සිංහ පැටව් වාගේ බුරනවා
බල්ලො හඳට යන්න හදනවා

දැන් බල්ලන්ට හරි ජයයි
අපි බල්ලන්ට හරි බයයි
මේ බල්ලො සුද්දන්ට බයයි
අපි සුද්දන්ට නයයි

මේ බල්ලො පිස්සොත් හැපුවා __
මේ බල්ලෝ ___ ____ ____
මේ බල්ලො උන්උන්වම හැපුවා තරඟෙට
මේ බල්ලෝ අපිවත් හැපුවා

පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා
සඳ එලියට පිස්සු හැදිල බල්ලො බුරනවා
සිංහ පැටව් වාගේ බුරනවා
බල්ලො හඳට යන්න හදනවා

මගේ පුතා හරි බයයි
එයාට නින්ද යන්නෙ නෑ
බල්ලෝ බුරනවට බයයි
මට මගේ පොඩි පුතා ගැන දුකයි*

– අජිත් කුමාරසිරි